Posts

Image
එයා දැන් බැඳලා "මට ලැබුන් නැත්තෙ ආදරෙ විතරයි බන්....මම ඒ ආදරේට හරි කෑදාරයි".... ජීවිතයේදී හමුවෙන සමහර අහඹු හමුවීම් මුළු ජීවිතයම වෙනස් කරනවා...ඒ වගේම ඒ හමුවෙන බැඳීම් අස්සෙ කෙනෙක්ගේ ජීවිතයම හැංගිලා තියෙන්නත් පුලුවන්....මෙන්න මේ විදිහට අහම්බෙන් තමයි සිරීට සුද්දිව හම්බුවෙන්නේ... සාමාන්‍යයෙන් ටෙලි නාට්‍ය නොබලන මම හොස්ටල් එකේ ඉන්න යාලුවන්ගේ කීම නිසාම ඔන්න ලංකාවේ ටෙලියක් බලන්න ගත්තා....බලපු ටෙලිය තමයි "එයා දැන් බැඳලා". වැඩිය ආසාවකින් නොබලපු මම අන්තිමේදී කොටස් 21ම දවසින් බලලා ඉවර කලා.ඇත්තටම කිව්වොත් ඒක ඇබ්බැහියක්. මේ නාට්ටියේ බුද්ධ සිරීට රඟපාන්නේ මහේන්ද්‍ර පෙරේරා.මහේන්ද්‍රගේ රඟපෑම කියන්නනම් වචන නැහැ.ඔහු අපිව ජීවත් කරනවා.එක ඉරියව්වක හිටියත් ඒකෙනුත් කිසියම් භාවයක් පෙන්නුම් කරන නළුවෙක්.නාට්ටියට ජීවය ලබා දෙන්නේ මොහුගේ ඒ රංගනයෙන් කිව්වොත් නිවැරදි.මෙවැනි නළුවන් ඉන්නේ ඉතාම අතලොස්සක්.

ලංකාව තුළ "සිංගල් පේරන්ට් " සංකල්පය

Image
ශ්‍රී ලංකාව තුළ "සිංගල් පේරන්ට් " සංකල්පය   ගැහැනිය යනු කවුරුන්ද? යමෙකුට ගැහැනිය යනු තම මව, සහෝදරිය හෝ තම හිතවතියකගේ ස්ථානයේ සිට විග්‍රහ කොට දැක්විය හැක.අප ජීවත් වන සමාජය අනුව විශේෂයෙන් ම දැකගත හැක්කේ ස්ත්‍රිය සහ පුරුෂයා ලෙස විශාල බෙදීමකට සමාජය ලක්වී ඇති බවය .ස්ත්‍රිය හා පුරුෂයෙකු යන දෙපළගේ එකතු වීම මත විවාහය නිර්මාණය වන අතර විවාහය මත සාර්ථක පවුල් ජීවිතය නිර්මාණය වේ.මීළඟට මතුවන ප්‍රශ්නය වන්නේ සාර්ථක  ලෙස විවාහ වූ පිරිස් සාර්ථක ලෙස පවුලක් ගත කරන්නේ ද? යන පැනයයි.අද වන විට, මේ මොහොත වන විට විවාහ වී දරුවා හෝ දරුවන් සමඟ හුදෙකලා වී මව්වරුන් කීදෙනෙකු ජීවිත ගත කරන්නේ ද ?.උත්සවාකාරයෙන්  යුගදිවියට එළැඹි වසර දෙක තුනකින් දරුවකු සමඟ හොර රහසේ තනිව ජීවත් වන කාන්තාවන් ලොව තුළ මෙන් ම අප ජීවත් වන රට තුළ ද කොතෙකුත් ඇති ද ?. මෙලෙස හුදකලා වන ගැහැනිය තම දරුවාට තාත්තා වූ පුද්ගලයාගේ වරදින් පමණක් නොව ගැහැනියගේ වරදින් ද දරුවා සමග තනි වන්නට ඉඩකඩ ඇත .එහෙත් ඇය සැබැවින්ම වැරදි වුවත් දරුවා තම තුරුලේ තබා ගැනීමට තරම් උතුම් වෙයි .මෙලෙස තනිවන ගැහැණිය  දරුවාට මවක් වෙමින් සමාජය තුල ජීවත් වීම අද නූතන ව්‍...
Image
  ස්ත්‍රී පුරුෂ සමාජභාවය                           ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ හෙවත් පුමිතිරිය යනු, පිරිමිකම හා ගැහැණුකම වෙනසට අදාළ වන්නා වූ ලක්ෂණ පරාසය වේ.ඒ තවත් සරලව සරළව දක්වන්නේ නම් ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනු කාන්තා අයිතිවාසිකම් පිළිබඳ අන්තගාමී මත දරන කාන්තාවන්ට තෝතැන්නක් ලෙස මෙම  ස්ත්‍රී පුරුෂ සමාජ භාවය යන සංකල්පය ඇති කිරීමක් නොවේ.එමෙන්ම මෙහි අරමුණ ස්ත්‍රිය පුරුෂයා වීම හෝ නොවේ කාන්තාව පුරුෂයාට යටත්වීම හෝ පුරුෂයා පරයා ගැහැනිය ගැහැණිය ඉහලට ඒමක් ද නොවේ.ඇයට අවශ්‍ය වන්නේ සමතැන ලබා ගැනීමයි.ඇය පිළිබඳ සමාජය තුළ සංවේදීතාවක් ඇති කිරීමයි.එලෙසම ස්ත්‍රී පුරුෂ සමාජභාවය ස්ත්‍රියට පමණක් නොව එය පිරිමින්ට ද අයිති සංකල්පයකි.ජීව විද්‍යාත්මකව ස්ත්‍රීයට හා පුරුෂයාට ලැබී ඇති ලිංගික වෙනස මත සමාජය විසින් දීර්ඝ කාලයක් තිස්සේ වෙනස් වූ සමාජ තත්වයන් මෙම දෙපක්ෂය සඳහන් නිර්මාණය කර දී ඇත.සමාජය හා සංස්කෘතිය මගින් මෙම බෙදීම සිදු කර තිබෙන අතර සෑම ඒකකයක දී මෙන්ම සෑම ස්තරයක දීම මෙය දක්නට ලැබේ.ස්ත්‍රීන්ට හා පුරුෂයන්ට එකිනෙකාට වෙනස් වූ ගති ලක්ෂණ...
Image
  සොඳුරු පරිසරයේ නොදුටු දසුන්❤️🥀                                                                                                  
Image
නුඹේ ආදරය.........                                                      අලුත් අය ලොකු උන කැපකිරීම් මදි උන උබෙන් වැඩි උන  මගෙන් මදි උන කාලය නැති උන වැඩ ගොඩ උන ඉවසීම ඍණ උන තරහව ධන උන සතුටත් මදි උන කාලයක් ගත උන ජීවිතේට ඕනම උන නමුත්,අහිමි උන නුඹේ ආදරය..............
Image
  නූතන සමාජය (Morden Society                             සමාජය යනු,ස්ථිතික වූ දෙයක් නොවේ.එය ගතික ස්වභාවයකි.බැලූ බැල්මට සමාජයක් යනු පුද්ගල එකතුවකි.පුද්ගලයාගෙන් තොරව සමාජයක් බිහි වන්නෙ නැත.නමුත් පුද්ගලයන් එකට එක් වීමම සමාජයක ලක්ෂණයක් ද නොවේ.එකට එක් වූ පුදගල කණ්ඩායම් අතර එක්තරා ආකාරයකට ගොඩනැගුණු සම්බධතාවයන්ගේ සංකලනයක් සමාජයක දැකිය හැක.මෙහිදී සමාජයක් දීර්ඝ කාලයක් පැවතිම සඳහා කරුණු කීපයක්ම අත්‍යවශ්‍ය වේ.එනම් පළමුව වන්නෙ පරිසරයට අනුව පැවැත්ම රැක ගැනීමේ හැකියාවක් තිබීමයි.මෙහිදී ආහාර සපයා ගැනීමේ හැකියාව වැදගත් වේ...දෙවැන්න ප්‍රජනන ක්‍රියාවලියයි.සමාජයකට සාමාජිකයන් හඳුන්වා දීමේදි ප්‍රජනන ක්‍රියාවලිය අත්‍යවශ්‍ය කරුණකි.එහිදී විවාහය හා පවුල ඉතා වැදගත් වේ.තෙවැන්න වන්නෙ සංස්කෘතික නම් වූ සාධකය හඳුනා ගැනීමයි.මේයනාදී වශයෙන් සමාජය යන්න කෙටියෙන් පැහැදිලි කළ හැකිය.සමාජය ගත් විටදී එක කාලෙන් කාකෙට වෙනස් වන්නා වූ දෙයකි.                  නූතන සමාජය ගත් විටදී නූතන සමාජයත් සමඟ මිනිසුන්ට යහප...
Image
ආදරය විඳිනවද? විඳවනවද?......   ආදරේ විඳින අයත් ඉන්නවා විඳවන අයත් ඉන්නවා දැකලා තියෙනවා නේද? අපි හිතන්නේ ඒ පෙර කර්ම විදියට.  "ගිය ආත්මේ කරපු පව් නිසා තමයි අද ඔහෙම වෙලා තියෙන්නේ"  "කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නැ සතුට නෑනේ"  ඔය විදියේ දේවල් අපි ඕන තරම් අහලා ඇති.  ඒ වුනාට පොඩ්ඩක් හිතලා බැලුවද එහෙම වෙන්න ඇත්තම හේතුව මොකද්ද කියලා. කොච්චර මිල මුදල් තිබ්බත් සතුටක් නැත්තේ ඇයි? ඒකට එක හේතුවක් තමයි එකිනෙකාට ගරු නොකිරීම. අනෙකාට ඇහුම්කම් නොදීම. අද වන විට පවුල් ආරවුල් ඇති වෙන්න මේක ප්‍රධාන හේතුවක් වෙලා ඉවරයි. තමන්ගේ සැමියට,බිරිදට ගරු කරලා කතා කරන්න දන්නේ නැත්තම් එතන සාර්ථක පවුල් ජීවිතයක් තියෙන්නේ නෑ. හැමදාම රණ්ඩු විතරයි. එහෙම වුනාම තමයි දික්කසාදවීම් වැඩි වෙන්නේ. නීතිඥවරයා ලගට ගිහින් ඇයි මෙහෙම තිරණයක් ගත්තේ කියලා ඇහුවම කියන්න දේවල් නැ. අනිකාට ගරු කරලා අනෙකාව අවබෝධ කරගෙන ජීවත් වුනා නම් හැමදාම සතුටින් ඉන්න පුලුවන්. ගෙදර දොරේ වැඩ දෙන්නා එක්ක බෙදාහදා ගෙන කලා නම් ලස්සන පවුල් ජිවිතයක් ගත කරන්න පුලුවන්. පොඩ්ඩක් හිතලා බලන්න සැපවත් ජීවිත ගෙවන පවුල්වලට වඩා එදාවේල හම්බ කරන් කන පවුල් සතුටින...