සුරූපී තරුණියක් මනසින් නිරුවත් කළ අයුරු
කුමරියක පා සළඹ සැලුණා.... ගායනය = W.D. අමරදේව සංගීතය = වික්ටර් රත්නායක පද රචනය = කේ.ඩී.කේ.ධර්මවර්ධන කුමරියක පා සලඹ සැලුණා වසා සිටි නෙතු පියන් ඇරුණා කුමර බඹසර අසපුවේ මා සම වැදී උන් දැහැන බිඳුනා..... කුමරියක පා සලඹ සැලුණා.... උකුළ ලැමහස මලවි කරළිය මුවා කළ ඇගෙ දුහුල් සළු තිර විවර කෙරුවා මනස් සලෙළුන් උමතු වූ දෙනුවන් රැහැන් ඇද මා අබියස මැවුණු තුසිතය සුරන් නැළවූ සුයාමය ... කුමරියක පා සලඹ සැලුණා.... නිසල ජීවන තපෝ වන මැද හැඟුම් ගජසෙන් යදම් බිඳ වැද තලා සිත කම්පනය කරවයි ලපලු තුරුවැල් කැකුළු මල්පෙති මා හඬවයි බිඳුණු තුසිතය සුරන් නැළවූ සුයාමය.... කුමරියක පා සළඹ සැලුණා.... කේ.ඩී.කේ.ධර්මවර්ධනයන් විසින් රචනා කළ මේ ගීතය ගායනා කරනු ලබන්න්නනේ මහා ගාන්ධර්වයානන් වන W.D. අමරදේව ශූරීන්ය.ධර්මවර්ධනයන් මෙම ගීතය ලියූවේ ඉතාමත් අලංකාර භාෂාවකින්.ඔහු ස්ත්‍රී ලාලිත්‍ය අමු අමුවේ නොකියමින් ව්‍යංගාර්තයෙන් පෙන්වා ඇත.මේ ගීතය බැලූ බැල්මෙන් ඉතාමත් ශෘංගාරාත්මක ගීතයක් බව අපට පෙනේ.ශෘංගාරය යනු භරතමුණිගේ...
Comments
Post a Comment