නූතන සමාජය (Morden Society
සමාජය යනු,ස්ථිතික වූ දෙයක් නොවේ.එය ගතික ස්වභාවයකි.බැලූ බැල්මට සමාජයක් යනු පුද්ගල එකතුවකි.පුද්ගලයාගෙන් තොරව සමාජයක් බිහි වන්නෙ නැත.නමුත් පුද්ගලයන් එකට එක් වීමම සමාජයක ලක්ෂණයක් ද නොවේ.එකට එක් වූ පුදගල කණ්ඩායම් අතර එක්තරා ආකාරයකට ගොඩනැගුණු සම්බධතාවයන්ගේ සංකලනයක් සමාජයක දැකිය හැක.මෙහිදී සමාජයක් දීර්ඝ කාලයක් පැවතිම සඳහා කරුණු කීපයක්ම අත්‍යවශ්‍ය වේ.එනම් පළමුව වන්නෙ පරිසරයට අනුව පැවැත්ම රැක ගැනීමේ හැකියාවක් තිබීමයි.මෙහිදී ආහාර සපයා ගැනීමේ හැකියාව වැදගත් වේ...දෙවැන්න ප්‍රජනන ක්‍රියාවලියයි.සමාජයකට සාමාජිකයන් හඳුන්වා දීමේදි ප්‍රජනන ක්‍රියාවලිය අත්‍යවශ්‍ය කරුණකි.එහිදී විවාහය හා පවුල ඉතා වැදගත් වේ.තෙවැන්න වන්නෙ සංස්කෘතික නම් වූ සාධකය හඳුනා ගැනීමයි.මේයනාදී වශයෙන් සමාජය යන්න කෙටියෙන් පැහැදිලි කළ හැකිය.සමාජය ගත් විටදී එක කාලෙන් කාකෙට වෙනස් වන්නා වූ දෙයකි.
නූතන සමාජය ගත් විටදී නූතන සමාජයත් සමඟ මිනිසුන්ට යහපත් ආකාරයට වඩා වැඩියෙන් අයහපත් ආකාරයට විවිධ බලපෑම් එල්ල කරනු ලබයි.මෙතුලින් සමාජයේ ඇති ගැටලු එකින් එක විස්තරාත්මකව දැක්වීම සිදුවේ.නූතන සමාජය ගත් විටදී එය මිනිසුන් පිරිහීමට ලක් වූ මූලික හේතුව ලෙස දැක්විට හැකිය.මෙතුළින් ඇති වූ අයහපත් බලපෑම පිළිබඳ මෙහිදී අධ්‍යනයක යෙදේ...නූතන සමාජයේ ස්වභාවය පිළිබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.
නූතන සමාජයේ ස්වභාවය....
නූතන සමාජය ගත් විට මෙය බොහෝ පුහු ආටෝප වලින් පිරුනු සමාජයක් ලෙස දැක්විය හැකිය.තාක්ෂණයත් සමඟ මිනිසුන් යාන්ත්‍රීකරණය වී ඇත.මෙමඟින් මිනිසුන්ගේ යහපත් ගති ගුණ නැතිවී මිනිසුන් යන්ත්‍ර බවට පත් ව ඇත.එය මෙම නූතන සමාජය තුළින් ඇති වූ ප්‍රතිඵලයන්ය.
එසේම මෙම නූතන සමාජය පිළිබඳ බැලීමේදී මිනිසුන් ජාති,කුල,ආගම් භේද,කලාපීය,සුදු,කලු ආදී වශයෙන් සමාජ,ආර්ථික,දේශපාලන,ආගමික,සංස්කෘතික සංස්ථාවන්ට ගාල් කරනු ලබයි.එමඟින් මානව සමඟිය සුනු විසුනු කර දමයි.එසේම මෙම නූතන සම්මජය තුළ පංති භේදය බහුලව දකින්නට ලැබෙන දෙයකි.නිර්ධන හා ධනපති වශයෙන් කොටස් දෙකක් නූතන සමාජය තුළ ඇති කරමින් නිර්ධන පංතියට විවිධ බලපෑම්,තාඩන පීඩන එල්ල කරනු ලබයි.නූතන සමාජය තුල මෙම කුල භේදය,පංති භේදය සමාජය පුරාම ව්‍යාප්තව පවතී.මෙය නූතන සමාජයේ එක් ස්වභාවයකි.

එසේම මෙහි ඇති තවත් එක් ස්වභාවයක් ලෙස රංගනයෙන් යුතු නූතන සමාජය දැක්විය හැකිය.මෙහිදී නූතන සමාජයේ සිටින මිනිසා සියලු දේ කටින් සිදු කරන ආකාරයක් පෙනේ..."කටින් බතල කොළ සිටුවනවා" යැයි පිරුළ අද නූතන සමාජයට බෙහෙවින්ම ගැළපේ.එනම් අද සමාජය තුළ සිටින සියලුම දෙනා ව්‍යාජ රංගනයන්ගේ නිරත වන්නන්නය.දේශපාලඥයන් මෙන්ය.පරිසරය සුරකිනවා යැයි පවසන අයම එය වනසනු ලබයි.වැඩිහිටියන්ට සැලකීම,සතුන්ට සැලකීම ගැන කියන මිනිසුන්ම තමාගේ අම්මා තාත්තා මහලු නිවාස වලට ගොස් දමයි.සතුන්ගේ නිදහස ගැන සමාජ මාධ්‍යවල අදහස් පල කරන පුද්ගලයන්ම කුසගින්න නිවා ගන්නට පැමිණෙන සතුන්ට පන්න පන්නා පහර දී එළවයි...මෙවැනි සාහසික ක්‍රියා සිදු කරන්නේ සමාජ මාධ්‍ය තුළ කරුණාව දක්වමින් රංගනයේ යෙදෙන උන්මය. එසේම නූතන සමාජය තුළ මාධ්‍ය රංගනයද බහුලව දක්නට ලැබෙන දෙයකි.එබැවින් වැඩකරුවා අනාගතවාදීව කිසිවක් ප්‍රකාශ නොකරයි.ක්‍රියාවෙන්ම පෙන්වයි.නමුත් නූතන සමාජය තුළ බහුලව සිදු වන්නේ ව්‍යාජ රංගනයන් වල නිරත වීමයි.


නූතන සමාජය ගත් විටදී නාගරීකරණය ප්‍රධාන ලක්ෂණයකි.එසේම පරිසරය විනාශ කිරීමයි.නූතන මිනිසා තම පැවැත්මට අත්‍යවශ්‍ය වන වටිනා පරිසරය විනාශ කරනු ලබයි.වටිනා ගස් වැල් කපා දමමින්,වනාන්තර එළි පෙහෙළි කරමින් ගොඩනැඟිලි නිර්මාණය කරනු ලබයි.මේ නිසා වනාත්තර ජීවත් වන සතුන් වඳ වී යයි.සතුන්ගෙ වාසස්ථාන නැති වී යයි.මිනිසුන්ම තමාට හිමිවූ මෙම ස්වභාවධර්මය විනාශ කරමින් ස්වභාවධර්මයේ වටිනාකම් පිළිබඳව පවසයි.නූතන මිනිසා පරිසරයෙන් දෙයක් ගන්නව මිස පරිසයට කිසිත් දායාද නොකරයි.මේ නිසා නූතනයේදී පරිසරය විනාශ මුඛයට ගොස් ඇත.එමෙන්ම නූතන සමාජය කොන්ක්‍රීට් වනාන්තරයක් බවට පත්ව ඇත.එය මිනිසා විසින්ම කරනු ලැබූ දෙයකි.මේ නිසා සොබාදහම විනාශ කිරීම අද මිනිසාට සුපුරුදු දෙයක් වී ඇත.



නූතන සමාජයේ තරුණ පිරිස නරු මුඛයට ඇද ගන්නා දෙයක් නම් දුරකතනයයි.එනම් තාක්ෂණය දියුණු වීමත් සමඟ දුරකතන පරිශීලනය තරුණ පිරිස අතර සීඝ්‍ර විය.තරුණ පිරිස පමණක් නොද පාසල් යන කුඩා දරුවන් පවා දුරකතන භාවිතා කරයි.අතීතයේදීනම් පාසල් දරුවන් සෙල්ලම් කරේ මැටි,පස්,බට්ටා පැනීම් යනාදියයි.නමුත් නූතන සමාජයේ වෙසෙන දරුවන්ග්ගගේ සෙල්ලම් උඔඅකරණය වන්නෙ දුරකතනයයි.මේවා ළමුන්ගේ අතට පත් කරන්නේද දෙමාපියන්මය.ඉන් පසෙ දරුවා අයපතට පෙළඹීමෙන් පසු ඔවුන් දුක් වන්නේ තමා අත වරදක් නැති ලෙසයි.එසේම නූතන සමාජයේ සිටින මිනිසාගේ දැනුම පොත පතින් දියුණු නැත.ඔවුන් තාක්ෂණය ඔස්සෙ දියුණු වී ඇත.අද සමාජයේ සිටින තරුණ ප්‍රජාව මෙම දුරකතනය ඔස්සේ කෙතරම් විනාශයට පත් වෙනවාද?නමුත් ඔවුන් එයින් මිදීමට උත්සහයක් ගන්නේද?යන්න පැන මතුවේ.අතීතයේ මිනිසා දියුණු වූයේ පොත පත තුළිනි.නමුත් අද වන විට සමාජය පිරිහීමට ලක්ව ඇත.අද වන විට තාක්ෂණය නිසා ඇති වී තිබෙන අතත්‍ය (virtual) සන්නිවේදනය නිසා මිනිසා යන්ත්‍ර සූත්‍ර බවට පත්ව ඇත.අතීතයේදිනම් පෙම්වතුන් තම ආදර අදහස් දෙදෙනා අතර හුවමාරු කර ගන්නා ලද්දෙ පෙම් හසුන් මඟිනි.නමුත් අද වන විට ලෝකයේ කොහේ කොතනක සිටියත් පණිවිඩ යැවීමට හා ලැබීමට පුලුවන.එය එක් පැත්තකින් යහපත් වූවත් එමඟින් මිනිසුන්ගේ සිතුම් පැතුම්,ආදරයන් මේ සෑම දෙයක්ම අතත්‍ය බවට පත්වේ.එතුළින් ප්‍රේමයේ පිවිතුරු බව නැති වී යනු ඇත.තාක්ෂණය සමඟ නොසිටි මිනිසුන් ජීවිතය විඳිනව සේම අද සමාජයේ තාක්ෂණය සමඟ සිටින මිනිසුන් දුරකතනය සමඟ ජීවිතය විඳවයි.එම නිසා නූතන සමාජය තුළ ඇති ප්‍රධානම ස්වභාවයක් ලෙස තරුණ ප්‍රජාව දුරකථනයට ලොල් වීම පෙන්වා දිය හැකිය.


එමෙන්ම අද සමාජය තුළ බුද්ධියට ඉඩක් නැත.අද වන විටදී උපාධිධාරීන් බොහෝමයක් රැකියා විරහිතව සිටිති.බුද්ධිය ඇති මිනිසුන් හට නූතන සමාජයේ පිළිගැනීමක් නැත.නමුත් සා/පෙළ වත් සමත් නොවූ මිනිසුන් ඉහළ තැන් වල පුටු රත් කරමින් ඉහළ වැටුපක් ලබයි.එමෙන්ම උපාධිය ඇති,බුද්ධිය ඇති මිනිසුන් නූගත් පුද්ගලයන්ගේ දෙපතුළ ලඟට ගොස් ඔවුන්ගෙන් රැකියාවක් ලබා දෙන මෙන් සිඟමන් යදී.නමුත් මොවුන් සිටිය යුතු ස්ථාන වල රජ කරන්නේ නූගත්,සමාජයක් පිළිබඳව නොදන්නා පුද්ගලයන්ය.ඒ මෙම නූතන සමාජය තුළ දක්නට ඇති දෙයකි.මෙය අප විසින්ම නැති කර දැමිය යුතුය.දැනුමෙන්,බුද්ධියෙන් පිරිපුන් මිනිසුන් හට සමාජයේ ඉඩක් ලබා දිය යුතුය.
එමෙන්ම නූතන සමාජය ගත් විටදී සමාජය තුළ සිටින් මිනිසුන් කෙනෙක් ඉදිරියට යනවාට,ඉහළට යනවාට,දියුණු වනවාට අකමැතිය.කෙනෙක් දියුණු වනවානම් ඔහුව පහතට දැමීමට කෙතරම් ක්‍රියාවන් සිදු කරන්වාද,ඔහුට කෙතරම් පහර ගසනවාද,එය නූතන සමාජයේ සිටින මිනිසුන්ගේ ඉතා කෲර ගති පැවතුම් ඇත.
එසේම අද සමාජයේ සිටින බොහෝමයක් දෙනා අනෙකාගේ වැරදි අඩුපාඩු සොයමින් ඒවාට අපහාස කරනු ලබයි.තමන්ගේ අඩුපාඩු තබා ගනිමින් අනෙකාට ඇඟිල්ල දික් කරන මිනිසුන් බොහෝ ඇත.නමුත් ඔවුන්ගේ අඩුපාඩු කිසිදිනෙක නිවැරදි කර ගැනීමට ඔවුන් සිතන්නෙ නැත.සමාජයේ සිටින දුර්වලයින්ට පහර ගසමින්,ඔවුන්ව සමාජයෙන් කොන් කර දැමීම නූතන සමාජයේ සිටින මිනිසාගේ ගුණයයි.නමුත් ඒ පහර ගසන්නන්ද සර්ව සම්පූර්ණ මිනිසුන් නොවේ.අද සමාජයේ බොහෝ දෙනා තමන්ගේ වැරදි අඩුපාඩු නොතකා අනෙකාට දෝෂාරෝපණය කරයි.මෙය අද සමාජයේ ඇති දැවැන්ත ගැටලුවකි
ස්මාජයේ සිටින දුර්වලයින් උපහාසයට ගැනීම අද සමාජයේ මිනිසුන් කරනු ලබන පහත් ක්‍රියාවක් ලෙස දැක්වීමට පුලුවන.නමුත් දෝෂාරෝපණයට එල්ල වන පුද්ගලයාට වඩා දෝෂාරෝපණය කරන පුද්ගලයින් අපවිත්‍රය.
මේයනාදී වශයෙන් නූතන සමාජය පිළිබඳව අර්ථ දැක්විය හැකිය. ඉපැරණි සමාජ ක්රමයේ වහලා යදම් වලින් බැද තබන ලද අතර නූතන වහල් සමාජ ක්රමයේ වහලා ජාතිය , ආගම , කුලය වර්ණය මෙන්ම කලාපීය යන සමාජ යදමින් බැද තබා ඇත මේ අනුව ඉපැරණි වලා බැද තබන ලද යදම් දර්ෂණය වූ අතර නූතන වහලාගේ යදම් පියවි ඇසට දර්ෂණය නොවීම මෙම සමාජ ක්රමයන් දෙක තුල පවතින වෙනස්කමයි.එබැවින් නූතන සමාජ ක්‍රමය පුද්ගලයන් මුලුමනින්ම වෙනස් කරන්නාවූ සමාජ ක්රමයකි.එබැවින් මෙම සමාජ ක්‍රමය අප විසින්ම වෙනස් කළ යුතුය.එතුළින් මිනිසා මිනිසෙකු වනු නියතය.
Great🎉️⛏️
ReplyDeleteAll right
ReplyDeleteඅපි ගතිකයි
ReplyDeleteBest artical
ReplyDeleteNiyamai💛
ReplyDeleteවැදගත්
ReplyDeleteGreat❤️
ReplyDeleteහොදම විදිහ ඉදිරි පරම්පරාව වෙනස් කිරීමයි.21 වන සියවසෙන් පස්සෙ එන ලමයි තාක්ශනය අතින් ඉදිරියෙන් සිටීවි..නමුත් එය අවබෝධයෙන් යුතුව පරිහරණය කිරීම...කියාදිය යුත්තේ 21වන සියවසෙන් මෙපිට ඉපදුනු දෙමව්පියන්.
ReplyDeleteImportant article ❤️🥂
ReplyDeleteWedagath
ReplyDeleteවැදගත් ලිපියක්
ReplyDeleteBest
ReplyDeleteවැදගත් ලිපියක් 👍
ReplyDeleteBeter
ReplyDelete👍👍👍
ReplyDeleteGreat❤️
ReplyDelete