ස්ත්‍රී පුරුෂ සමාජභාවය


                         


ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ හෙවත් පුමිතිරිය යනු, පිරිමිකම හා ගැහැණුකම වෙනසට අදාළ වන්නා වූ ලක්ෂණ පරාසය වේ.ඒ තවත් සරලව සරළව දක්වන්නේ නම් ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනු කාන්තා අයිතිවාසිකම් පිළිබඳ අන්තගාමී මත දරන කාන්තාවන්ට තෝතැන්නක් ලෙස මෙම  ස්ත්‍රී පුරුෂ සමාජ භාවය යන සංකල්පය ඇති කිරීමක් නොවේ.එමෙන්ම මෙහි අරමුණ ස්ත්‍රිය පුරුෂයා වීම හෝ නොවේ කාන්තාව පුරුෂයාට යටත්වීම හෝ පුරුෂයා පරයා ගැහැනිය ගැහැණිය ඉහලට ඒමක් ද නොවේ.ඇයට අවශ්‍ය වන්නේ සමතැන ලබා ගැනීමයි.ඇය පිළිබඳ සමාජය තුළ සංවේදීතාවක් ඇති කිරීමයි.එලෙසම ස්ත්‍රී පුරුෂ සමාජභාවය ස්ත්‍රියට පමණක් නොව එය පිරිමින්ට ද අයිති සංකල්පයකි.ජීව විද්‍යාත්මකව ස්ත්‍රීයට හා පුරුෂයාට ලැබී ඇති ලිංගික වෙනස මත සමාජය විසින් දීර්ඝ කාලයක් තිස්සේ වෙනස් වූ සමාජ තත්වයන් මෙම දෙපක්ෂය සඳහන් නිර්මාණය කර දී ඇත.සමාජය හා සංස්කෘතිය මගින් මෙම බෙදීම සිදු කර තිබෙන අතර සෑම ඒකකයක දී මෙන්ම සෑම ස්තරයක දීම මෙය දක්නට ලැබේ.ස්ත්‍රීන්ට හා පුරුෂයන්ට එකිනෙකාට වෙනස් වූ ගති ලක්ෂණ,අනන්‍යතා,හැසිරීම් රටා,භූමිකා හා වෘත්තීන් පවා සමාජය විසින් නිර්මාණය කර දී තිබේ.ස්ත්‍රීන්ට හා පුරුෂයන්ට පවරා දී ඇති එම සමාජ සංස්කෘතික තත්ත්වය ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ ලෙස තවදුරටත් සරලව ගෙනහැර දැක්විය හැකිය.මෙයා සමාජය විසින් නිර්මාණය කර දී තිබෙන අතර ලිංගික බව මෙන්ම ස්වභාව ධර්මයෙන් ලැබුණු දෙයක් නොව එය සංස්කෘතිය,ආගම,විශ්වාස,ඇදහිලි සහ සිරිත් විරිත් මගින් සමාජ තත්ත්වය ස්ථාපිත කර තිබේ.

"ස්ත්‍රිය වූ කලී උපත ලැබුවා නොව නිෂ්පාදනය කරනු ලැබුවාය...." යනුවෙන් ප්‍රංශ ජාතික ස්ත්‍රීවාදිනියක් වන සිමෙන් ඩී බුවර් (1949) දක්වා ඇත.

සමාජ නිර්මිතය සමාජයෙන් සමාජයට,රටින් රටට වෙනස් වේ.මානව වර්ග,ජාති,කුල,ප්‍රදේශ අනුවද මෙම තත්වයන් තත්වයන් සමාජ හා සංස්කෘතික වෙනස්වීම් අනුව සිදුවේ.මානව සමාජයේ ප්‍රධාන වශයෙන් වර්ග දෙකකින් යුක්තය.ඒ ස්ත්‍රී හා පුරුෂ වශයෙනි.පුරුෂයන්ට ලොව සෑම සමාජයකම අගය කිරීම සිදු වන්නේ සිදුවන්නේ පුරුෂයෙන් ශාරීරිකව හා ශාරීරිකව හා මානසිකව වශයෙන් ශක්තිමත්,එඩිතර,ඉක්මන් තීරණ ගත හැකි,නායකත්වයක් සහිත,බුද්ධිමත්,තාර්කික කොටසක් ලෙසට ය.එහෙත් ස්ත්‍රිය සුන්දර,ළාමක,කාරුණික,ඉක්මනින් සසල වන,පුරුෂයෙකු මත යැපෙන කොටසක් ලෙස සැලකේ.ස්වභාවධර්මයෙන්ම හිමිවී ඇති ප්‍රජනන කාර්යය මෙන්ම ගෘහාශ්‍රිත සියලු කාර්යයන් ද කාර්යයන්ද සමාජය විසින් ස්ත්‍රීයට පවරා දී ඇත.ඒ අනුව දරුවන් පෝෂණය කිරීම,දරුවන් රැකබලා ගැනීම,දරුවන්ගේ අධ්‍යාපන කටයුතු,වැඩිමහල්ලන් රැක බලා ගැනීම ගැන අගය ස්ත්‍රියට පැවරෙන කාර්යයන් ලෙස හැඳින්විය හැකිය.එය වෙනස් ආකාරයට ගෘහයෙන් පිටත ආදායම් ඉපයීමේ ඉපයිමේ කාර්යය පුරුෂයාට පවරා දී ඇත.ගොවිතැන හෝ වෙනත් රැකියා,සමාජ වැඩ කටයුතු ස්ත්‍රියට හා දරුවන්ට ආරක්ෂාව සැපයීම යනාදිය පුරුෂයාට පැවරෙන වගකීම් අතර වේ.ස්ත්‍රී පුරුෂ සමාජභාවය 70 දශකයේ සිට වර්ධනය වූ සංකල්පයකි.ඈන් ඔස්ලේ වැනි සමාජ විද්‍යාඥයින් විසින් ආරම්භ කරන ලද මෙම විෂය පසුකාලීනව විවිධ ක්ෂේත්‍ර ඔස්සේ වර්ධනය විය.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය එය සමාජයේ පුරුෂයින් හා ස්ත්‍රීන් අපේක්ෂා කරන ආකාරය තීරණය කරන සමාජ භූමිකාවක් නිරූපණය කරයි. ස්ත්‍රී පුරුෂ භාවය පදනම් වී ඇත්තේ පුරුෂාධිපත්‍යය යනු කුමක්ද සහ ස්ත්‍රීත්වය යනු කුමක්ද යන්න පිළිබඳව සමාජය විසින් එකඟ වූ සම්මතයන් සහ ප්‍රමිතීන් මත පදනම් වේ.

ස්ත්‍රී පුරුෂ භාවය සහ ලිංගිකත්වය යන සංකල්පය අතර ඇති වෙනස නම් ලිංගිකත්වය යනු ජීව විද්‍යාත්මක කොටස, එනම් ප්‍රජනක පදධතිය වැනි ප්‍රාථමික ලක්ෂණ සහ උස වැනි ද්විතියික ලක්ෂණ ය. වෙනත් වචන වලින් කිවහොත්, ජීව විද්‍යාත්මක ලිංගිකත්වය මගින් පුද්ගලයෙකුට පියයුරු හෝ මුහුණේ හිසකෙස් ඇති බව අර්ථ දැක්විය හැකිය.කෙසේ වෙතත්, ස්ත්‍රී පුරුෂ භූමිකාවන් (සමාජ පැතිකඩ) හා සම්බන්ධ සම්මතයන් හරහා පුරුෂාධිපත්‍යය නිල් පැහැය හා ස්ත්‍රී රෝස පැහැය සමඟ සම්බන්ධ වී ඇති බව සමාජය විසින් තීරණය කරනු ලැබේ.ස්ත්‍රී පුරුෂ භාවය හා බැඳුණු මෙම සම්මතයන් සහ අපේක්ෂාවන් මිනිසුන් ගිලී සිටින සමාජය මත රඳා පවතින බැවින්, මෙය විශේෂිත සංස්කෘතිය අනුව මෙන්ම සමාජ පන්තිය, ජාතිය සහ ජනවාර්ගිකත්වය වැනි වෙනත් පෞද්ගලික ලක්ෂණ අනුව වෙනස් වේ.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය: පුරුෂභාවය හා ස්ත්‍රීත්වය

                           

               


ලිංගිකත්වය ජීව විද්‍යාත්මක පැතිකඩක් ලෙස ප්‍රකාශ වන ආකාරය විවිධ සමාජයන් අතර ප්‍රායෝගිකව වෙනස් කළ නොහැකිය. එනම්, සංස්කෘතිය කුමක් වුවත්, කාන්තාවන්ගෙන් අතිමහත් බහුතරයක් ඔසප් වී පියයුරු වර්ධනය කරනු ඇත.

කෙසේ වෙතත්, ස්ත්‍රී පුරුෂ භාවය ප්‍රකාශ වන ආකාරය සමාජයන් අතර බෙහෙවින් වෙනස් වේ. නිදසුනක් වශයෙන්, ඇඳුම් සහ සාය පිරිමි ඇඳුම් ලෙස සැලකෙන සංස්කෘතීන් ඇත.

බටහිර සංස්කෘතිය තුළ පිරිමි ළමයින් ට්‍රක් රථ, සෙල්ලම් තුවක්කු, සුපිරි වීරයන් සහ ක්‍රියාකාරී චරිත (ආක්‍රමණශීලී හෝ ක්‍රියාකාරී තේමාවන් හා සම්බන්ධ ක්‍රීඩා සහ සෙල්ලම් බඩු) සමඟ සෙල්ලම් කිරීමට අපේක්ෂා කරන අතර ගැහැණු ළමයින් බෝනික්කන්, ඇඳුම් පැළඳුම් සහ වේශ නිරූපණයන් සමඟ සෙල්ලම් කිරීමට බලාපොරොත්තු වේ (ආශ්‍රිත ක්‍රීඩා සහ සෙල්ලම් බඩු රැකවරණය සහ ප්‍රණීතභාවය).

මෙය ස්ත්‍රී-පුරුෂ නොවන සෙල්ලම් බඩු ලබා දීමට සහ සෙල්ලම් බඩු වෙළඳසැල් වලට පෙට්ටි සහ නාමාවලිවල යුනිසෙක්ස් රූප ප්‍රදර්ශනය කිරීමට බලපෑම් කිරීමට හේතු වී තිබේ.

කෙසේ වුවද සමාජයක් ගත්විට ශක්තිමත්, එඩිතර හා නිර්භීත ගැහැණු පිරිමි දෙප්කෂයම සමාජය තුළ ජීවත් වේ. ලාමක, නම්‍යශීලි, කාරුණික, ඉවසීමෙන් කටයුතු කරන ස්ත්‍රීන් මෙන්ම පුරුෂයින්ද සමාජය තුළ ජීවත් වේ. එහෙත් ස්ත්‍රීය හෝ පුරුෂයා මේ ආකාරය විය යුතු යැයි සමාජය විසින් මිනිස් සිත් තුළට කාවැද්දීමක් කර තිබේ. සමාජය විසින් පෙන්වා දී ඇති ආකාරයට ස්ත්‍රිය හා පුරුෂයා නොහැසිරේ නම් එය අසාමාන්‍ය දෙයක් ලෙස සමාජය දකී.

 ස්ත්‍රී පුරුෂ සමාජභාවය පවුල තුළ සලකා බැලීමේදී ස්ත්‍රියට අප්‍රධාන තත්ත්වයක් හිමිවේ. පුරුෂයා පවුල තුළ ආධිපත්‍ය බලය හිමිවේ. කවර සමාජයක වුවද කවර ජාතියක්, මානව වර්ගයක් කුලකයක් හෝ පංතියක් ගත්තද ස්ත්‍රියට මෙම අඩු සමාජ බලය හිමි වේ. පවුලක් ගත් විට අඩු නිදහසක්, අඩු වරප්‍රසාද, අඩු අයිතිවාසිකම්, අඩු දේපළ, අඩු කීර්තිය, අඩු බලය බොහෝ විට හිමිවන්නේ කාන්තාවටයි. වැඩි බලයක් හෝ වැඩි ආධිපත්‍යය හිමි වන්නේ පුරුෂයාටයි. ඒ අසමාන වූ සමාජ භාවය නිසාය. ඒ අනුව ස්ත්‍රී පුරුෂ සමජභාවය යනු ලිංගිකත්වය පදනම් කරගෙන සමාජය විසින් කාලාන්තරයක් තිස්සේ විධිමත්ව නිර්මාණය කරදෙන ලැබූ සමාජ සබඳතාවයක් ලෙස සරලව හැඳින්විය හැකිය.

Comments

Popular posts from this blog

සුරූපී තරුණියක් මනසින් නිරුවත් කළ අයුරු

සුරකිමු දරුවන්....