ආදරය විඳිනවද? විඳවනවද?...... ආදරේ විඳින අයත් ඉන්නවා විඳවන අයත් ඉන්නවා දැකලා තියෙනවා නේද? අපි හිතන්නේ ඒ පෙර කර්ම විදියට. "ගිය ආත්මේ කරපු පව් නිසා තමයි අද ඔහෙම වෙලා තියෙන්නේ" "කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නැ සතුට නෑනේ" ඔය විදියේ දේවල් අපි ඕන තරම් අහලා ඇති. ඒ වුනාට පොඩ්ඩක් හිතලා බැලුවද එහෙම වෙන්න ඇත්තම හේතුව මොකද්ද කියලා. කොච්චර මිල මුදල් තිබ්බත් සතුටක් නැත්තේ ඇයි? ඒකට එක හේතුවක් තමයි එකිනෙකාට ගරු නොකිරීම. අනෙකාට ඇහුම්කම් නොදීම. අද වන විට පවුල් ආරවුල් ඇති වෙන්න මේක ප්රධාන හේතුවක් වෙලා ඉවරයි. තමන්ගේ සැමියට,බිරිදට ගරු කරලා කතා කරන්න දන්නේ නැත්තම් එතන සාර්ථක පවුල් ජීවිතයක් තියෙන්නේ නෑ. හැමදාම රණ්ඩු විතරයි. එහෙම වුනාම තමයි දික්කසාදවීම් වැඩි වෙන්නේ. නීතිඥවරයා ලගට ගිහින් ඇයි මෙහෙම තිරණයක් ගත්තේ කියලා ඇහුවම කියන්න දේවල් නැ. අනිකාට ගරු කරලා අනෙකාව අවබෝධ කරගෙන ජීවත් වුනා නම් හැමදාම සතුටින් ඉන්න පුලුවන්. ගෙදර දොරේ වැඩ දෙන්නා එක්ක බෙදාහදා ගෙන කලා නම් ලස්සන පවුල් ජිවිතයක් ගත කරන්න පුලුවන්. පොඩ්ඩක් හිතලා බලන්න සැපවත් ජීවිත ගෙවන පවුල්වලට වඩා එදාවේල හම්බ කරන් කන පවුල් සතුටින...
ඇත්ත 😌
ReplyDeleteඅනිවාර්යයෙන් 😍 පද ටික
ReplyDelete😥😥
ReplyDeleteඒක මරු❤️
ReplyDelete