එයා දැන් බැඳලා

"මට ලැබුන් නැත්තෙ ආදරෙ විතරයි බන්....මම ඒ ආදරේට හරි කෑදාරයි"....


ජීවිතයේදී හමුවෙන සමහර අහඹු හමුවීම් මුළු ජීවිතයම වෙනස් කරනවා...ඒ වගේම ඒ හමුවෙන බැඳීම් අස්සෙ කෙනෙක්ගේ ජීවිතයම හැංගිලා තියෙන්නත් පුලුවන්....මෙන්න මේ විදිහට අහම්බෙන් තමයි සිරීට සුද්දිව හම්බුවෙන්නේ...

සාමාන්‍යයෙන් ටෙලි නාට්‍ය නොබලන මම හොස්ටල් එකේ ඉන්න යාලුවන්ගේ කීම නිසාම ඔන්න ලංකාවේ ටෙලියක් බලන්න ගත්තා....බලපු ටෙලිය තමයි "එයා දැන් බැඳලා". වැඩිය ආසාවකින් නොබලපු මම අන්තිමේදී කොටස් 21ම දවසින් බලලා ඉවර කලා.ඇත්තටම කිව්වොත් ඒක ඇබ්බැහියක්.


මේ නාට්ටියේ බුද්ධ සිරීට රඟපාන්නේ මහේන්ද්‍ර පෙරේරා.මහේන්ද්‍රගේ රඟපෑම කියන්නනම් වචන නැහැ.ඔහු අපිව ජීවත් කරනවා.එක ඉරියව්වක හිටියත් ඒකෙනුත් කිසියම් භාවයක් පෙන්නුම් කරන නළුවෙක්.නාට්ටියට ජීවය ලබා දෙන්නේ මොහුගේ ඒ රංගනයෙන් කිව්වොත් නිවැරදි.මෙවැනි නළුවන් ඉන්නේ ඉතාම අතලොස්සක්.







Comments

Popular posts from this blog

සුරූපී තරුණියක් මනසින් නිරුවත් කළ අයුරු

සුරකිමු දරුවන්....