ලංකාව තුළ "සිංගල් පේරන්ට් " සංකල්පය

ශ්‍රී ලංකාව තුළ "සිංගල් පේරන්ට් " සංකල්පය 


ගැහැනිය යනු කවුරුන්ද? යමෙකුට ගැහැනිය යනු තම මව, සහෝදරිය හෝ තම හිතවතියකගේ ස්ථානයේ සිට විග්‍රහ කොට දැක්විය හැක.අප ජීවත් වන සමාජය අනුව විශේෂයෙන් ම දැකගත හැක්කේ ස්ත්‍රිය සහ පුරුෂයා ලෙස විශාල බෙදීමකට සමාජය ලක්වී ඇති බවය .ස්ත්‍රිය හා පුරුෂයෙකු යන දෙපළගේ එකතු වීම මත විවාහය නිර්මාණය වන අතර විවාහය මත සාර්ථක පවුල් ජීවිතය නිර්මාණය වේ.මීළඟට මතුවන ප්‍රශ්නය වන්නේ සාර්ථක  ලෙස විවාහ වූ පිරිස් සාර්ථක ලෙස පවුලක් ගත කරන්නේ ද? යන පැනයයි.අද වන විට, මේ මොහොත වන විට විවාහ වී දරුවා හෝ දරුවන් සමඟ හුදෙකලා වී මව්වරුන් කීදෙනෙකු ජීවිත ගත කරන්නේ ද ?.උත්සවාකාරයෙන්  යුගදිවියට එළැඹි වසර දෙක තුනකින් දරුවකු සමඟ හොර රහසේ තනිව ජීවත් වන කාන්තාවන් ලොව තුළ මෙන් ම අප ජීවත් වන රට තුළ ද කොතෙකුත් ඇති ද ?.


මෙලෙස හුදකලා වන ගැහැනිය තම දරුවාට තාත්තා වූ පුද්ගලයාගේ වරදින් පමණක් නොව ගැහැනියගේ වරදින් ද දරුවා සමග තනි වන්නට ඉඩකඩ ඇත .එහෙත් ඇය සැබැවින්ම වැරදි වුවත් දරුවා තම තුරුලේ තබා ගැනීමට තරම් උතුම් වෙයි .මෙලෙස තනිවන ගැහැණිය  දරුවාට මවක් වෙමින් සමාජය තුල ජීවත් වීම අද නූතන ව්‍යවහාරයේ " සිංගල් පේරන්ට් (single parent concept )" ලෙස හඳුන්වා දෙයි.single parent යන අර්ථය "තනි වැඩිහිටියා", "තනි භාරකරුවා " ලෙස අර්ථ දැක්විය හැක.එවිට නැගෙන මීලඟ ගැටලුව වන්නේ පුරුෂ පාර්ශවය දරුවකු තනිව හදාවඩා ගන්නේ නැද්ද ?


ගැහැනියක් මෙන්ම පුරුෂ පාර්ශ්වය ද මවක් නොමැති දරුවෙක් හෝ දරුවන් රැකබලා ගනිමින් තනිවම පියකුගේ භූමිකාව නිරූපණය කරන අවස්ථාද සමාජයේ ඇත.දරුවකු සමග ගැහැණියක් තනි වුවද දරුවකු සමඟ පිරිමියෙක් තනි වුවද මෙම කාරණා දෙක තුළම අන්තර්ගත වන්නේ එකම සිද්ධාන්තයකි.මන්ද පුරුෂයා තනිවූවත් ඔහු දරුවාට මවක් මෙන් කටයුතු කළ යුතු අතර කාන්තාව තනි වුවත් ඇය දරුවාට පියෙකු මෙන් ද කටයුතු කළ යුතු බැවිනි .ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් දරුවකු සමඟ සමඟ හුදකලා වීමට හේතු කිහිපයක් පෙන්වා දිය හැක .


 * විවාහය දෙදරා ගොස් දෙපාර්ශ්වයම දෙපාර්ශ්වයම කැමැත්තෙන් දික්කසාද වී දරුවා හෝ දරුවන් එක් අයකු බාරගැනීම .


 * විවාහ වී දික්කසාද නොවී සැමියා බිරිඳ වෙන් වෙන් වශයෙන් දරුවා එක් පාර්ශවයක් භාරගෙන ජීවත් වීම .


 * විවාහ වූ වූ යුවල ක ගෙන් එක් පාර්ශවයක් මියගිය විට අනෙක් පාර්ශවය දරුවන් සමග තනිවීම .

* එමෙන්ම කාන්තාවන් හා පුරුෂයන් විවාහ නොවී,දරුවෙක් ලැබීමේ ප්‍රතිඵලයක් ලෙස එක් පාර්ශවයක් දරුවා සමඟ තනි වීම .


ඉහතින් සඳහන් කළ ආකාරයට කාන්තාවක් හෝ පුරුෂයෙක් දරුවකු සමඟ හුදෙකලා වීමට ඉඩකඩ ඇත .එමෙන්ම වර්තමානයේ අද වන විට සමාජය බොහෝ දුරට වෙනස් වී ඇත.ඒ හේතුවෙන් තවත් එක් ආකාරයකට ස්ත්‍රියක් හෝ පුරුෂයෙකුට දරුවකු සමග හුදකලා වීමේ ඉඩකඩ ඇත. එනම්,

* ස්ව කැමැත්තෙන් ම ස්ත්‍රියක් හෝ පුරුෂයෙකු විසින් මව්පියන් අහිමි දරුවකු භාරගෙන හදා වඩා ගැනීම.

කෙසේ හෝ ඉහතින් කරුණු වශයෙන් පැහැදිලි කර ඇති ආකාරයට ශ්‍රී ලංකාව තුළ" සිංගල් පේරන්ට්" එනම්, තනි මවක් හෝ පියෙක් සමාජය තුළ බිහි විය හැක.පොදුවේ සාකච්ඡාවට ලක් කිරීමේ දී සත්‍ය වශයෙන්ම පැහැදිලි වන කරුණ වන්නේ පැහැදිලිව න කරුණ වන්නේ දරුවකු තනි පුද්ගලයකු වශයෙන් හදා වඩා ගැනීමේ ඇති බරපතලකමය.දරුවකුට ඇතැම් විට තම මව අවශ්‍ය වේ. විශේෂයෙන් ම දියණියකට වැඩි වියට පත් වූ විට තම මවගේ අවශ්‍යතාව තදින්ම දැනේ.එහෙත් පියකු සමග පමණක් ජීවත් වන දැඩි එකට දැරියකට තම යෞවන වියේ ගැටලු බෙදා හදා ගැනීමේ දී විශාල ගැටලුවකට ගැටලුවකට මුහුණදීමට සිදුවේ.එහෙත් ලංකාව තුළ අද වන විට පුරුෂ පාර්ශ්වය තනිවම දරුවකු හදා වඩා ගැනීමේදී ගැනීමේ දී මවගේ භූමිකාව ද දරුවාට අඩුවක් නොවන ආකාරයට ඉටු කරනු ලබයි.


එමෙන්ම ශ්‍රී ලංකාව තුළ තනි මවක් ලෙස ජීවත් වීමේ දී දියණියක් තනිව රැකබලා ගැනීම අභියෝගයකි. එමෙන්ම පුතෙක් සිටින මවකට පුතා වැඩිවියට පැමිණීමේ දී ඇතිවන ගැටලුවලට ගැටලුවලට මුහුණ දීම ද පහසු නොවේ .නමුත් වර්තමානයේ දී ස්ත්‍රී පුරුෂ යන දෙපාර්ශ්වයටම දරුවන් කුඩා කල සිට වැඩිමහල් වන තෙක්ම රැක බලා ගැනීම විශාල අභියෝගයකි.මෙම අභියෝගයට සාර්ථකව මුහුණ දෙන පිරිස් අතර දරුවන් රැකබලා රැකබලා ගැනීමට වෙනම ස්ථානවලට භාර දෙන අයද සමාජයේ දැකගන්නට හැකි වේ.


 එමෙන් ම රූපවාහිනී, ගුවන්විදුලි ,පුවත්පත්  වැනි විශ්වාසවන්ත ජනමාධ්‍ය වල අවම වශයෙන් වර්ෂයකට එක් වරක් හෝ තම දරුවන්ට හිරිහැර කරනු ලබන දෙමව්පියන් පිළිබඳව පුවත් වාර්තා වේ .නමුත් අද මෙම ලිපියෙහි සඳහන් වන ආකාරයට මෙම සමාජය තුළ තනිවම දරුවාට රැකවරණය දෙන දිරිය කාන්තාවන් මෙන්ම දිරිය පුරුෂයන් ද සිටින බව පැහැදිලි වේ .


මීළඟට විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ වර්තමානයේ දී මව, පියා යන දෙපළ ම සිටින නිවසක එක් දරුවකු බලා ගැනීම හා එම දරුවාට අවශ්‍ය දේ සලසා දීම ඉතා අසීරු කරුණකි.කෙසේ නමුත් ඇතැම් විට " සිංගල් පේරන්ට් " ලෙස හැඳින්වෙන මව හෝ පියා මෙම අසීරු කාර්යය නොපැකිලව ඉටු කරනු ලබයි .නිවසක ඇති වගකීම් අප දන්නා පරිදි ඉටු කරනු ලබන්නේ මව විසිනි .ගෙදරදොර වැඩ බලා ගනිමින් දරුවන් බලා ගැනීම ඇයගේ වගකීමක් ලෙස සමාජය දකින අතර නිවසක මව ස්ව කැමැත්තෙන්ම එය ඉටු කරනු ලබයි.එමෙන්ම නිවසක පියාගේ වගකීම ලෙස සමාජය දකින්නේ ආර්ථිකමය අතින් තම පවුල ස්වයංපෝෂිත කිරීමය.සාමාන්‍යයෙන් පුරුෂ පාර්ශවය නිවසේ දෛනික වැඩ කටයුතු සිදු කිරීමට වඩා ප්‍රිය කරන්නේද ආර්ථිකය පැත්ත පිළිබඳව බලා ගැනීමේ කාර්යයටයි.


සිතන්න,විශාල වපසරියක විහිදී යන වගකීම් යුතුකම් එක් අයෙකු විසින් ඉටු කිරීම කෙතරම් බැරෑරුම් වන්නේ ද යන්න .එහෙත් දරුවකු සමග හුදකලා වන මව,ආර්ථිකමය ලෙස ද නිවසේ වැඩ කටයුතු ආදී සියලුම දේ වගකීමෙන් යුතුව ඉටු කරනු ලබයි .දරුවකු සමග හුදකලා වන පියාද නිවසෙහි ම ද නිවසෙහි මවක් මෙන් ද විටෙක දරුවාට පියෙක් මෙන්ද භූමිකා ද්විත්වය තුල ම ජීවත් වෙමින් දරුවා රැකබලා ගනී.


අද මෙහිදී සාකච්ඡාවට ලක් වන "සිංගල් පේරන්ට්" සංකල්පය ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ,යුරෝපා රටවල මෙන්ම ලෝකයේ විවිධ වූ සමාජ තුළ දැකගත හැකි සිද්ධියකි . ශ්‍රී ලංකාවට ඇසීමට නුහුරු කරුණක් වුවත්, දරුවකු තනිව රැක බලා ගැනීම ශ්‍රී ලංකාව තුළ බහුලව දැකගත හැකි සිද්ධියකි.කෙසේ නමුත් දරුවන් තනිව රැකබලා ගන්නා දිරිය කාන්තාවන් සහ ධෛර්යය සම්පන්න පුරුෂයන් අගය කළ යුතුය.




 


Comments

Popular posts from this blog

සුරූපී තරුණියක් මනසින් නිරුවත් කළ අයුරු

සුරකිමු දරුවන්....