සුරකිමු දරුවන්....
ගුරු සිත නොරිදවා
වේලාව නොවරදවා
බැතිපෙම් උපදවා
අකුරු උගනිව් කුමරු සොදවා
පැරණි පිරිවෙන් අධ්‍යාපනයේ ගුරු ශිෂ්‍ය භූමිකාව සමාජගත වී තිබුණේ එලෙසින් ය. ඉන් පසුව බටහිර අධ්‍යාපනයේ ව්‍යාප්තිය සමඟ ස්කෝලාකල් කොමිෂන් සභා යටතේ පාසල් පද්ධතියේ මෙහෙයවීම ඉංග්‍රිසි පාලක රජය යටතට පත්විය. විවිධ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සමඟ නිදහස් අධ්‍යාපනය ද ප්‍රචලිතව 77 හඳුන්වා දුන් විවෘත ආර්ථිකයේ ධනවාදී පෞද්ගලික මූලධර්ම මතද 80 දශකයේ ධවල පත්‍රිකා යටතේ ද 2000න් පසු කාලයේ ජාත්‍යන්තර පාසල් ව්‍යුහය සමඟ ද පාසල් හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ප්‍රබල වෙනසට ලක් විය.මේ නිසා පෞද්ගලික උපකාරක පංති කලාව සෑම ශිෂ්‍යයෙක් උදෙසාම විවෘත විය.ධනවත් වූ සමාජයට මූල්‍ය හැකියාව මත අධ්‍යාපන වරප්‍රසාද හිමි විය.පාසල යන ඒකකය තුළ බැදි සිටින දරුවන් බාහිර අංශ වෙත වීමත් සමඟ මූල්‍ය වටිනාකම් සිතා විනය අවභාවිතයට ලක් විය.
විශ්ව විද්‍යාල පරිසරයට දේශපාලනීකරණය ප්රබලව අනුගත වීමත් සමඟ අන්තවාදීත්වය වර්ධනය විය.එසේම දේශපාලනික වුවමනා ඉටු නොවන තැන පරිපාලනය සමඟ ශිෂ්‍යා ගැටෙන්නට විය.ඇතැම් අවස්ථාවල මහා මාර්ග,රාජ්‍ය දේපල ඇතුලු සිවිල්වැසියා පමණක් නොව බෞද්ධාගමික සංහිඳියාවට ද ගැටුම් ඇති කළේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයා ක්ෂණික ව චීවර පොරවා ගනිමින් බලධරයන් සමඟ ගැටීම නිසාවෙනි.
පාලක සමාජය විශ්ව විද්‍යාල ශිෂ්‍යයා කරදරකාරී පද්ධතියක් ලෙස සලකා ඔවුන්ගේ සාධාරණ අවශ්‍යතාවලට සවන් නොදෙයි. මේ හේතුවෙන් උපකුලපතිවරු,පීඨාධිපතිවරු ,ආචාර්යවරු සිසුන්ගේ රූකඩ බවට පත්වී ඇතැම් අවස්ථාවල කාමරවල සිරගතව තැබීය.
විශ්ව විද්‍යාල ශිෂ්‍යා මත්පැන් ආදිය භාවිතයට යාම නිසා ගුරුවරයා හා ශිෂ්‍යයා අතර පරතරය දුරස්වීම නිසා පිරිහී ගිය අතර ගිය අතර පාසල් පරිසරයට ද මෙය බලපෑවේය. ලිංගිකත්වය ද මේ සඳහා පාදක විය.
ආගමික පද්ධතිවල පූජක, පූජ්‍ය උතුමන් ලෞකික ගර්භිත අධ්‍යාපනයට යොමු වීමෙන් ඇති වුණ ගැටලුව,පුද්ගලික අධ්‍යාපන ආයතන කෙරෙහි ළමුන් වැඩි විශ්වාසය තැබීමෙන් සාම්ප්‍රදායික පාසල් ගුරුවරයාට ගරු නොකිරීම, පාසලින් හා නිවසින් බැහැරව නගරයට පිවිසෙන දරුවා නව යොවුන් හෝ යොවුන් වියේ පසුවන නිසා අනිසි බලපෑම්වලට ලක්වීම,එයින් විනය පිරිහීම,තාක්ෂණික උපකරණ සමාජයේ සුලභ නිසා පාසල් විනය පිරිහීම,මත්ද්‍රව්‍ය භාවිතය,ලිංගිකත්වය අලෙවි කිරීම,රාජ්‍ය ප්රතිපත්තිවල අක්රමිකත්වය හේතුවෙන් විනය පිරිහීම,පාසල් පද්ධතියට ඇතුලුවන ගුරුභවතුන් හෝ පාලකයින් විවිධ වුවමනා මත යොදනු මිස ක්ෂේත්රය ගැන ලබා දුන් පුහුණුවකින් හෝ එහි ඇති වගකීමකින් තොරව වෘත්තීය ආරම්භ කිරිම ආදිය නිසා මෙම විනය පිරිහි යාමට හේතු විය.
ආගමික හා සාහිත්‍ය ආකල්ප අධ්‍යාපනය සඳහා ගෙන එසේම,පාසල් හා විශ්ව විද්‍යාල පද්ධතියේ විනය විරෝධි ක්‍රියාවලට ශිෂ්‍ය හා අචාර්ය දැඩි දඩුවම් පැමිණවීම, අධ්‍යාපන පද්ධතිය ශාස්ත්‍රීය හා ප්‍රායෝගික වූ වැඩ ලෝකයක් කරා යොමු කිරීම,අධ්‍යාපනය සඳහා අවස්ථා සුලබ කිරීම, මානව හිමිකම් සංවිධානවල අනිසි බලපෑම දුරස්වීම,දෙමාපියන් දරුවන් සමඟ ගත කරන කාලය වැඩි කිරීම, මානව හිමිකම් නීති අඩු කිරීම,සිවිල් සමාජයේ කාර්යයක් ලෙස පාසල් හා විශ්ව විද්‍යාල දරුවා ආරක්ෂා කිරිම,නීතියේ නිසි අවධානය හා අපක්ෂපාති බව ආදියෙන් ළමයා හා ගුරුවරයා,ළමයා හා දෙමව්පියන් අතර සබදතාව ඇති කළ හැක.ඒ හරහා විනය ආරක්ෂා කර ගත හැකිය.
රටක අනාගතය දරුවන් බැවින් ඔවුන් ආරක්ෂා කර ගැනීම වැඩිහිටියන්ගේ යුතුකමකි.

Good article 👍
ReplyDeleteGood
ReplyDelete😊😊❤️❤️
ReplyDeleteGood job 😎
ReplyDeleteNiyamai
ReplyDelete❤️
ReplyDeleteEla
ReplyDeleteBest one 💓🥂
ReplyDeleteSuperb! Keep it up! Theruwan saranai
ReplyDeleteSuperb! Keep it up.theruwan saranai !
ReplyDeleteGGood job.keep it up👍
ReplyDeleteGood💛
ReplyDeleteGreat article 👍
ReplyDeleteGreat
ReplyDeleteBest one😍🎉️
ReplyDelete