පරව ගිය කුසුමක්🥀
තිමිර වලා යට නෙත් අඳ වැලපෙන
සුවඳ ගිලිහී ගිය තනිවුණු යුවතිය
අද නෑ කිසිවෙකු ඇය සනසන්නට
උල් කටු අතරේ වැලපෙන යුවතිය....
දෙනෙත තෙමෙන කඳුළැලි වියැලී
හමන පවන සිත වෙත කොඳුරයි අද
ගිනිගත් අරනේ මැද තනි වූ ඈ
මිහිපිට නිරයක දුක් විඳිනා බව....
වියළි සුසුම් ඈ හෙලනා විට මුළු
සක්වල දෙදරයි මහ කුළු පිපිරෙයි
කළ උන් ගැන සිට නැත කිසි කහටක්
ජීවිත සරදම තවමත් දොරකඩ....
තනිවී ඇත අද ලොවෙන්ම සැඟවී
ඇති වී ඇති දුක් ඔතප්ප සඟවා
කවදා රිවි දැක හිනැහෙන්නේද ඇය
පර වී ගිය කුසුමක් හිස දවටා....

ලස්සනයි
ReplyDeleteLassanai ♥️
ReplyDelete💙❤
ReplyDelete💙❤
ReplyDeleteLassanai eka 😍
ReplyDeleteLssni❤
ReplyDeleteLassnai eka 😍
ReplyDeleteLassanai
ReplyDeleteLssanai
ReplyDelete😍👍
ReplyDelete💛👌🤘
ReplyDelete❤️❤️👌
ReplyDeleteNice one😍🎉️👍
ReplyDeleteGood job ❤
ReplyDeleteWow...superb
ReplyDelete