මහ වන මැද තනිවූ සුන්දරිය

 බෝඹුරු ඇල්ල......




අපේ රටේ සීත දේශගුණයක් කියපු තැනක් තමයි නුවරඑළිය කියන්නෙ.අද මං කියන්න යන්නෙ ලංකාවෙ තියෙන ඇලි වලින් පළලම ඇල්ල ගැන.මේ ඇල්ල තියෙන්නෙ හරියටම කිව්වොත් හග්ගලට ටිකක් නුදුරින් තියෙන පාතාලයේ.හරියටම පාර කිව්වොත් වැලිමඩින් අඹගස්දෝවට,එතැනින් පෙරාවෙල හරහා බෝඹුරු ගමට යන්න පුළුවන්.මේ ඇල්ලට පේරවැල්ල ඇල්ල කියලත් කියනවා.මේ ගමට මේ නම ලැබිල තියෙන්නෙ මෙහෙමයි.
         දවසක් දෙවෙනි රාජසිංහ රජතුමාගේ ඇතා කුලප්පු වෙලා බැඳලා තිබුණු දම්වැලත් කඩාගෙන කැලේට වැදුනා.ඒත් ඇත් ගොව්වන්ට ඇතාව හොයා ගන්න බැරි විය.ඇතා සොයා දෙන කෙනෙක්ට ගම් වරයක් ලබා දෙන බව රජු  අණ බෙරයක් යැවීය.මේ ගමේ ගිටපු වනසිංහ මුත්තා ඇතාව අල්ලලා බෝ ගහක බැන්දා.බෝ ගහේ බැඳපු නිසා මේ ගම " බෝමුලේ" කියල ප්‍රසිද්ධ වුණා. බෝමුලේ "බෝඹුරේ" කියල ප්‍රසිද්ධ වුණා.
                  
                 මේ ගම ගොඩක් දුෂ්කර ගමක්.මේ ගමට හැම වෙලාවකම බස් යන්නෙ නෑ.මේ ගමන තමන්ගෙම වාහනේක යනවනම් ගොඩක් පහසුයි.මේ පාර කොන්ක්‍රීට් කරල තිබුණත් ඒ ගම හද්දා පිටිසරයි.ඒ වුණත් ස්වභාව සෞන්දර්ය උපරිමයෙන්ම විඳින්න පුළුවන් පරිසරයක් තියෙනවා.වාහනයෙන් ඇවිත් අන්තිමේදි බහින්න තියෙන්නෙ කඩමණ්ඩියක් ළඟින්.එතැන ඉඳන් ගමන පයින් යන්නයි තියෙන්නෙ.කිලෝ මීටර 4ක් විතර පයින් යන්න ඕනි.පයින් ගමන යන්න තිබුණත් ඒ ගමන හරිම විනෝදයි.ඒ පාර හරිම ලස්සනයි.කුඹුරු,පලතුරු ගස්,එළවළු වගාවන්,රූස්ස ගස්වැල්,කුරුලු කොබෙයියන්,රිලව් එහෙමත් බලාගෙනම මේ ගමන යන්න පුලුවන්.ඒ වගේම ලොකැට්,කෝන්ගෙඩිද පුංචි ගොටුවලට දමාගෙන පුංචි කොල්ලෝ කුරුට්ටෝ විකුණයි.එදාවේල හොයාගන්න ඒ ගමේ මිනිස්සු ගොඩක් දුක් විඳිනවා.ඔවුන් සොච්චමක්හරි හොයාගන්නෙ මේ ඇල්ල බලන්න එන සංචාරකයින්ගෙන්.ලෙඩකට දුකකට බෙහෙත් ටික ගන්න යන්නත් ඕනි කිලෝ මීටර 4ක් විතර කැලේ පහු කරගෙනයි.පරිසරය සුන්දර වුණාට ජීවත් වෙන මිනිස්සුන්ගේ ජීවත එතරම් සුන්දර නැත.

                        මේ ගමන යද්දී තෙහෙට්ටු දැනෙන වෙලාවට ටිකක් ගිමන් හැරල යන්න ලී බංකු තැනින් තැන තියෙනවා.මේ ඇල්ලේ උස හරියටම කිව්වොත් උස මීටර් 50 ක් වෙනවා.මේ ඇල්ල තවත් ඇලි කීපයක්ම එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ.මේ ඇල්ලට පෝෂණය ලැබෙන්නේ දූල්ගල ගඟෙන්.මේ ඇල්ලට යන පාර හරිම සුන්දරයි.ඒ වගේම හරි පරිස්සමෙන් යන්න ඕනි ගමනක්.මේ යන පාරේ තණකොළ කොළයක් ගානෙම කූඩැල්ලන් සිටියි.මග දිගටම යකඩ වතුර බට ඇත.මේ දිය ඇල්ලෙන් නාන එක නම් එතරම් හොද වැඩක් නෙවෙයි.ඒත් මෙතනින් නාන්නේ නැතුව යන පිරිමි අය නම් හරි අඩුයි.මෙතන දිය නාන්න තහනම් කරලා තියෙන්නේ තියෙන්නෙ උඩින් වැටෙන වතුර සැරින් සැරේ වෙනස් වෙන නිසයි.ඒත් ගඟ පහළට වෙනලට වෙන්න නම් නාන්න හොඳ තැන් තියනවා.මේ ඇල්ල ළඟටම යන්න වුණත් අපට පුළුවන්.මේ ඇල්ලේ සැබෑ ලස්සන විඳ ගන්න නම් දෙසැම්බර්,ජනවාරි හෝ අප්‍රේල් කාලවල එන්න ඕන.ඒ කාලවලදී මේ දිය ඇල්ලේ වතුර ටිකක් වැඩියි.

                         එහෙනම් ලංකාවේ පළල්ම දියඇල්ල වන බෝඹුරු ඇල්ලෙන් තවත් අලුත් සුන්දර තැනක් ගැන ලියනකන් දැනට සමුගන්නම්.මෙතැන බලන්න යන්නම ඕනේ තැනක්.ඒ නිසා බලන්න යන්න.හැබැයි පරිසරයේ අපවිත්‍ර නොකර.ඔයාල අරන් යන්න හැමදේම ආපහු අරන් එන්න අමතක කරන්න එපා.මේ දිය ඇල්ලේ තියෙන ලස්සන තවදුරටත් ආරක්ෂා කරගන්න මතක තබා ගන්න.ඒ වගේම ඇල්ලේ සුන්දරත්වය බලාගෙන එන ගමන් කඩමණ්ඩිවල තියෙන පොල් රොටියක,තේ කහට කෝප්පයක,බඩ ඉරිඟු කරලක රස බලන්නත් අමතක කරන්න එපා. හැමෝටම ආයුබෝවන්.



ඇල්ලට යන පාර





         




         




ඇල්ලට යන පටු මඟ





ඇල්ල උඩට (තණබිමට) යන කෙටි මඟ


                

තණබිම 








  

Comments

  1. ඇවිදිමු ඇවිදිමූ

    ReplyDelete
  2. ඒත් අපේ පැත්තක් 😍♥️

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සුරූපී තරුණියක් මනසින් නිරුවත් කළ අයුරු

සුරකිමු දරුවන්....