මම එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ.......


 


 දවසක් පැල නැති හේනේ අකාලෙ මහ වැහි වැස්සා

තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුණා අම්මේ....

පායන තුරු හිටි පියවර හිටියා නුඹ අම්මේ...


නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුණුදා

බිරිඳකගේ සෙනෙහෙ ගියා යෝධ ඇළේ නැම්මේ....

ඔබෙ සෙනෙහස සුවඳ දිදී දැනුණා මට අම්මේ...


කොළඹ අහස කළු කරගෙන මුහුදු හුළඟ හඬලනකොට

ඔටුන්න බිම දා දුවගෙන එන්නද එක පිම්මේ...

මම එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ....

මම එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ....





Comments

Post a Comment

Popular posts from this blog

සුරූපී තරුණියක් මනසින් නිරුවත් කළ අයුරු

සුරකිමු දරුවන්....